FAST NEWS

24×7 Around the Globe

චීනය ‘ලොව විශාලතම’ පාපන්දු පිටියේ වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | චීනය) –  ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනය තුළ එහි බලපෑම ක්‍රමයෙන් පහව යෑමත් සමඟින් චීන පාපන්දු ක්‍රීඩා සමාජයක් විසින් ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

නෙළුම් මලක හැඩයෙන් යුතු මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු 2022 වසරේදී නිමා කිරීමට නියමිතව ඇත.

චීනයේ ෂැන්ගුවා ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7ක පමණ මුදලක් වැය වනු ඇති බව මේ වන විට ඇස්තමේන්තු කර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.

මෙම ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තරඟ නැරඹීමේ පහසුකම් ඇති දැවැන්ත ක්‍රීඩාංගණයක් වේ.

ඒ අනුව එය මෙතෙක් ලොව පවතින විශාලතම ක්‍රීඩාංගණය බවද වාර්තා වෙයි.