FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් පිළිතුරු

(ෆාස්ට් නිව්ස් | COVID 19) – ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර සැපයීම නතර කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශයක් නිකුත් කරයි.

ඔහු සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ කොරෝනා වෛරසයට එරෙහිව සියළු දෙනා එකමුතුව සිටිය යුතු බවයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපා දැමීම කපා හැරීම කිසිසේත් අනුමත කල නොහැකි බවද ඔහු පවසා ඇත.