FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍යය) – කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ.

අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බව මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.