FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපතිවරයෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) –  එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 71 හැවිරිදි වියේ පසුවී ඇත.

හොජ්කිස් 2017 වර්ෂයේ සිට ලැන්කෂයර් සභාපති ධුරය හොබවා තිබෙන අතර , දශක දෙකක පමණ සිට එම ක්‍රීඩා සමාජයේ විවිධ තනතුරුද ඔහු විසින් දරා ඇත.

කෙසේ වෙතත් හොජ්කිස් පසුගිය සමයේදී විවිධ සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විදි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.