FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන ශාරුක් ඛාන් සිය ජනතාව වෙත තැබු සටහන [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස ලෝක ප්‍රකට නළුවෙකු වන ශාරුක් ඛාන් සිය රසිකයින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු සිය නිළ ට්විටර් ගිණුමෙහි විඩියෝ පටයක් එක් කරමින් කියා සිටියේ රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

තවද වැරදි තොරතුරු අනුගමනය නොකිරීමටත්, රජය විසින් සිදු කරනු ලබන මඟපෙන්වීම් යටතේ කටයුතු කිරීමටත් වගබලා ගන්නා ලෙස ශාරුක් ඛාන් වැඩිදුරටත් කියා සිටියේය.