FAST NEWS

24×7 Around the Globe

කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය අදයි

(ෆාස්ට් නිව්ස් | මෙල්බර්න්) – කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අවසන් තරග ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.30ට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ආරම්භ වෙයි.

විදෙස් මාධ්‍ය සදහන් කළේ ඉන්දීය කාන්තා කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය බවයි.

එනමුත්, කාන්තා විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ ශූරතාවය වැඩිම වාර ගණනකදී හිමි කර ගත් ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට පිවිසෙන්නේ පස්වන වරටයි.