FAST NEWS

24×7 Around the Globe

” ගලි බෝයි ” සම්මාන 10 කින් පිදුම් ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී පැවති 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම නිළිය ඇතුළු සම්මාන 10 ක් දිනාගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වීමට සෝයා අක්තර්ගේ ‘ගලි බෝයි’ චිත්‍රපටය සමත්විය.

මෙහි නිවේදකයන් ලෙස කටයුතු කළේ, කරන් ජොහාර්, විකී කෞෂාල් සහ වරුන් ධාවන් යන බොලිවුඩ් සුපිරි තරුයි.

මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ එහි හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ, සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං වන අතර එහි හොඳම නිළියට හිමි සම්මානය ආලියා භට් දිනාගත්තාය.