FAST NEWS

24×7 Around the Globe

එක්දින පුහුණු තරගයක නායකත්වය උපුල් තරංගට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි නිල නොවන එක්දින පුහුණු තරගයේ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයෙකු වන උපුල් තරංගට පිරිනමා ඇති බව වාර්තා වෙයි. 

16 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (14) නම්කරනු ලැබීය.

තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි.