FAST NEWS

24×7 Around the Globe

කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව චිත්‍රපටයකින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොහෝ හින්දි චිත්‍රපට ප්‍රමාණයක පසුබිම් ගීත ගායනයට එක්වූ කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව අලලා මේ වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ අනුරාග් බාසූ සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වූ රන්බීර් කපූර් කිශෝර් කුමාර්ගේ චරිතයට තෝරා ගෙන තිබේ.

අනුරාග් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු සමග කාර්යබහුලව සිටින බවට වාර්තා වේ.

අනුරාග් හා රන්බීර් මීට පෙර ” බර්ෆි ” හා ” ජග්ගා ජාසූස් ” චිත්‍රපට වල කටයුතු කර තිබේ.

” ෆිල්ම් ෆෙයාර් ” සඟරාව සමඟින් එක්වූ අවස්ථාවකදී ඔහු මෙම රන්බීර් සම්බන්ධව වන චිත්‍රපටය ගැන තොරතුරු පවසා තිබුණේය.