FAST NEWS

24×7 Around the Globe

වැලන්ටයින් කඩ වලට යාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනයේ ප්‍රසිද්ධ පාසල් ආසන්නයේ අද දින වැලන්ටයින් දිනය සැමරුම් සිහිවටන අලෙවි කිරීම වෙළඳසැල් දමා ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් යාපනයේ වැසියන් මහ නගර සභාවට විරෝධය පලකර තිබේ.

මෙම වෙළඳුන් පාසැල් සිසුන් ඉලක්ක කරගෙන එම සිහිවටන අලෙවි කරන අතර එම තාවකාලික වෙළදසැල් සදහා යාපනය මහ නගර සභාවෙන් අවසර ලබා දීම සම්බන්ධයෙන් මෙලෙස මහජන විරෝධය පල වී ඇත.

එම වෙළදසැල් ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව පියවර ගෙන නොමැති බවද වාර්තාවේ.