FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත්විය.

ඒ තරග එකට බිංදුවක් (1 – 0 )ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 406ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 293ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වු අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.