FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එච්.ඩී ඇකර්මන් පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් පිතකරුවෙකු ලෙස කටයුතු කර ඇති මොහු තරඟ විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි.

46 හැවිරිදි ඔහු ලබන මාර්තු මස පළමු වනදා සිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුරු දැරිමට නියමිත අතර ලබන ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර ආරම්භ වන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඔහුගේ පුහුණුකාර තනතුර යටතේ පැවැත්වෙන පළමු තරඟාවලිය වේ.