FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්ද රාජපක්‍ෂගේ හඬ පටයත් තියෙනවා – මන්ත්‍රී රංජන්[VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රංජන් රාමනායක මන්ත්‍රීවරයා සභාගත කිරීම සඳහා කිසිදු හඬපටයක් ලබා දී නොමැති බව ඊයේ (21) පාර්ලිමේන්තුවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා, තමන් හඬපට සියල්ල සභාගත කරන සිය කතාවේදී ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙහි සිටින මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ හඬ පට තමන් සතුවන බවයි.

ඒ අතර අගමැති මහින්ද රාජපක්‍ෂගේ හඬ පයටක්ද වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන්ට සභාවේ සිටින කිසිවෙකුගෙන් චරිත සහතික ගැනීමට අවශ්‍යතාවක් නැති බවද රංජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසීය.