Apple සමාගමේ නවතම හඳුන්වා දීම ලෙස Apple විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි කරළියට පැමිණ වීමට සූදානම් බව විදෙස් වාර්තාවල දැක් වේ.
මෙම ව්‍යාපෘතිය Titan කේත නාමය යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා 600 – 1800 අතර ශ්‍රමිකයන් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.
විදෙස් ආරංචි මාර්ගවලට අනුව Apple සමාගම, රියැදුරෙකු නොමැතිව වාහන ධාවනය කළ හැකි තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවන්ගේ සහය ද මෙම මෝටර් රථය නිපදවීමට යොදා ගන්නා බව වාර්තා වේ.






