FAST NEWS

24×7 Around the Globe

Apple විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි කරළියට.

Apple සමාගමේ නවතම හඳුන්වා දීම ලෙස Apple විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි කරළියට පැමිණ වීමට සූදානම් බව විදෙස් වාර්තාවල දැක් වේ.

මෙම ව්‍යාපෘතිය Titan කේත නාමය යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා 600 – 1800 අතර ශ්‍රමිකයන් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

විදෙස් ආරංචි මාර්ගවලට අනුව Apple සමාගම, රියැදුරෙකු නොමැතිව වාහන ධාවනය කළ හැකි තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවන්ගේ සහය ද මෙම මෝටර් රථය නිපදවීමට යොදා ගන්නා බව වාර්තා වේ.