FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණූ අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) පෝට්එළිසෙබෙත් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරඟය දකුණු  අප්‍රිකානු කණ්ඩායම ජය ලබාගත් අතර දෙවන තරඟය එංගලන්ත කණ්ඩායම ජය ලබා ගත්තේය.

දෙරට අතර එක්දින තරඟ 03ක් සහ විස්සයි විස්ස තරඟ 03 ක් ද පැවැත්විමට නියමිතයි.