FAST NEWS

24×7 Around the Globe

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට දේශගුණ විපර්යාසවලට පියවර නොගැනීම ගැන විරෝධය පාමින් රංගන ශිල්පිනි ජේන් ෆොන්ඩා මූලිකත්වයෙන් සතිපතා සංවිධාන කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ පසුගිය සිකුරාදා දින පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට පත්වූවන් අතර 77 වැනි ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පී වකීන් ෆීනික්ස් සහ රංගන ශිල්පී මාටින් ෂීන් ද සිටින බවයි.

එක්සත් ජනපද වොෂින්ටන් අගනුවර පොලිසිය විසින් එම උද්ඝෝෂණයේ දී පුද්ගලයින් 147 දෙනෙක් අත්අඩංගුවට පත්වූ බව ප්‍රකාශ කර ඇති නමුත් නම් ලැයිස්තුවක් ලබා දී නොමැත.

අනවසර ජනරාශිය , බාධා කිරීම හෝ මහජන හිරිහැරය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉකුත් ඔක්තෝබරයේ ජේන් ෆොන්ඩා දේශගුණ විපර්යාස උද්ඝෝෂණ මාලාව වොෂින්ටන් අගනුවර දී ඇරඹි අතර මේ ගෙවී යන්නේ එහි 14 වැනි සතියයි.