FAST NEWS

24×7 Around the Globe

ෂේන්ගේ තොප්පිය වෙන්දේසි කරයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) –  ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් ටෙස්ට් තරඟ සඳහා භාවිත කළ හිස් වැසුම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට වෙන්දේසි වී තිබේ. 

ඒ, ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින දරුණු ලැව්ගිනිවලින් විපතට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් ආධාර රැස් කිරීමේ වැඩසටහනකට සමගාමීව සිදුකළ වෙන්දේසියකදියි.

ඒ අනුව මෙම හිස් වැසුම මිලදී ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බැංකුවක් විසින් බව වාර්තා වෙයි.