FAST NEWS

24×7 Around the Globe

‘බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ නවතම කතාංගය ජනවාරි 17

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) –  එළඹෙන 17 වනදා සුපිරි හොලිවුඩ් සිනමා නළු විල් ස්මිත්, මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය ‘බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ චිත්‍රපටය හොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වීම ආරම්භ වේ.

අතිශය ජනප්‍රිය වූ ‘බැඩ් බෝයිස්’චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය ඇතුළත් චිත්‍රපටය වන මෙහි ස්මිත් සමගින් මාටින් ලොරොන්ස් ප්‍රධාන චරිත නිරූපණය කරයි.

මීට අමතරව සුරූපී නිළි වැනිසා හෙඩ්ජින්ස්, ඇලෙක්සැන්ඩර් ලුඩ්විග්, චාලිස් මෙල්ටන්, නීකි ජේම් මෙහි සෙසු චරිත සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත.

‘කොළොම්බියා පික්චර්ස්’සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක් වැය කරමින් නිර්මාණය වුවක්ද වෙයි.