FAST NEWS

24×7 Around the Globe

ඉරානය නැවත එක්සත් ජනපදයට පහර දෙයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට රොකට් 10 කට වැඩි ප්‍රමාණයක් පහර දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගියදා ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙය සකලයි.

ටෙහෙරානය සහ වොෂිංටන් අතර ආතතිය උත්සන්න වෙමින් තිබියදී, බදාදා අලුයම අන්බාර් පළාතේ අයින් අල් අසාද් කඳවුරට සහ අර්බිල් කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කර ඇත.

ඇමෙරිකානු නිලධාරියෙකු පැවසුවේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඉතා ස්වල්පයක් බවයි.

ඉරාන මාධ්‍ය විසින් අල් අසාද් අඩවියට අයි.ආර්ජී.සී. විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන වීඩියෝවක් නිකුත් කර තිබේ.