FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් කි‍්‍රකට් වාර්තා පොත අළුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | නවසීලන්තය) –  ක්‍රිකට් ඉතිහාසයේ නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් පිහිටු වීමට නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් සමත් විය.

ඒ, නවසීලන්ත පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමිනි.

ලකුණු 7,172 ක් රැස්කර ගෙන සිටි නවසීලන්ත සුපිරි පිතකරු ස්ටීවන් ෆ්ලේමින්ග් තබා තිබූ වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් විය.

ඕස්ටේ‍්‍රලියාව සමග මේ වනවිට පැවැත්වෙන 03 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී රෝස් ටේලර් මෙම වාර්තාව පිහිටු වනු ලැබීය.

ඔහු මේ වනවිට ටෙස්ට් තරග 98 කදී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 7,174කි.