FAST NEWS

24×7 Around the Globe

රාජිනි කාන්ත් ‘ඩර්බර්’ හරහා නව වසරේදී ප්‍රේක්ෂකයා අතරට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  රාජිනි කාන්ත් ප්‍රධාන චරිතයට පණ පොවන ‘ඩර්බර්’ චිත්‍රපටය මේ වසරේ දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය වන පළමු සුපිරි චිත්‍රපටයයි.

ඔහු සමගින් සුනිල් ෂෙට්ටි, දකුණු ඉන්දීය සුපිරි නිළි නයනතාරා, ප්‍රකාශ් රාජ්, කාර්තික් බාබර්, යෝගී බාබු හා සූරි මෙහි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදෙන අතර රාජිනි කාන්ත් කාලයකට පසුව මෙහි පොලිස් නිලධාරියෙකුගේ චරිතයට එක්ව සිටීම විශේෂත්වයකි.

අයුක්තිය, ආසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මෙම පොලිස් නිලධාරියා මැරයෙකුටත් වඩා දරුණු පුද්ගලයෙකු වෙයි. මෙහි කතාව දිව යන්නේ මෙම පොලිස් නිලධාරියා වටාය.

මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගිය දෙසැම්බර් 21 වැනිදා නිකුත් කළ අතර, එය මේ වනවිටත් මිලියන ගණනක් නරඹා තිබේ.