FAST NEWS

24×7 Around the Globe

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිඩ්නි හිදී ඊයේ (03) පැවති බිග් බෑෂ් තරඟාවලියට අදාළව සිඩ්නි තන්ඩර් සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම් අතර තරඟයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට මෙල්බර්න් කණ්ඩායම සමත් විය.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 142 ක් රැස් කළේය.

මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී කඩුළු 07 ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය.