FAST NEWS

24×7 Around the Globe

‘ඩබාන්ග්’ ආදායම කෝටි සියය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’චිත්‍රපටයද සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි සියයක සීමාව ඉක්මවා ලබාගැනීමට සමත්ව තිබේ.  

මේ අනුව ඉන්දීය රුපියල් කෝයි සියය ඉක්මවු චිත්‍රපට වැඩි ප්‍රමාණයක රඟපෑ නළුවා බවට සල්මාන් ඛාන් පත් විය.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 138 ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇත.

මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී රාණි මුඛර්ජිගේ ‘මර්දානි’දෙවැන්න හා ආක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයද තිරගත විය.