FAST NEWS

24×7 Around the Globe

ඉවත් කෙරුණු කුසල් මෙන්ඩිස්ව යළිත් සංචිතයට ගත් හේතුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව මගින් නිල වශයෙන් නම්කරනු ලැබූවේය. 

තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් , එහි සෙසු සාමාජිකයන් සහ නායක ලසිත් මාලිංග ද මෙම රැස්වීමට එක්ව සිටි බව වාර්තා වෙයි.

ඉන්දීය තරග සංචාරය සදහා පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් අතර කුසල් මෙන්ඩිස් නොසිටි අතර පසුව ඊයේ (01) නිල වශයෙන් නම් කෙරුණු සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්ව නම් කිරීමට කටයුතු කර ඇත.

මෙම සංචාරයේදී කුසල් මෙන්ඩිස් එක්වන්නේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පළමු තරගය ලබන 05 වනදා පැවැත්වීමට නියමිතයි.