FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 තරඟ 3 කට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු පළමු තරඟය ලබන ඉරිදා ගුවහාති හිදී පැවැත්වෙන අතර 2 වන තරඟය ලබන අගහරුවාදා ඉන්දෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

ලබන 10 වනදා පූනේ හිදී 3 වන පන්දුවාර 20 තරඟය පැවැත්වීමට නියමිතව ඇත.