FAST NEWS

24×7 Around the Globe

සෝමරත්නයන්ගේ “සුනාමි” කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන “සුනාමි” සිනමා පටය ප්‍රදර්ශනය කල්ගොස් ඇති බව වාර්තා වෙයි. 

සුනාමි තිරගත වීමට තිබුණේ දෙසැම්බර් 26 වැනිදායි.

ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 16 වැනිදා සිට දිවයින පුරා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබේ.

රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක් වන “සුනාමි” සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වී තිබේ.

මේ සඳහා නිරංජනී ෂන්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග (ළමා), සුනෙත් ශාන්තප්‍රිය, විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ජේ. යෝගරාජ්, අශෝක සේරසිංහ, සම්පත් තෙන්නකෝන්, කුමාර තිරිමාදුර, සරත් චන්ද්‍රසිරි, රත්නා ලාලනී, රංජනී රාජ්මෝහාන්, චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ, ලලිත් ජනකාන්ත, අරුණි මෙන්ඩිස්, ජයන්ත මුතුතන්ත්‍රි, ගිහාන් ප්‍රනාන්දු, සිනෙති අකිලා රංගනයෙන් එක් වී තිබේ.