(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විජේයි දේවර්කොන්ඩා ලබන වසරේ ජුනි 20 වැනිදා තිරගත වීමට නියමිත ‘තලායිවී’ චිත්‍රපටයේ ‘සෝබාන් බාබු’චරිතයට තෝරා ගෙන ඇති බව වාර්තා වෙයි.
ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන මෙහි කංගනා රනවුත්, අර්වින්ද් ස්වාමි, ප්‍රියාමනි හා ප්‍රකාශ් රාජ් රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
විජේයි දේවර්කොන්ඩා මේ වනවිට තෙළෙඟු හා දමිල සිනමා නිර්මාණ කිහිපයකම සිය දායකත්වය ලබාදෙනු ලබයි.
ඔහු එම චිත්‍රපට බොහෝමයක් සුප්‍රසිද්ධ කොලිවුඩ්, බොලිවුඩ් සිනමා නිළියන් සමග රංගනයේ යෙදෙන බවට වාර්තා වෙයි.









