(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන වසරේ ක්‍රිකට් තරග විකාශන ගිවිසුම 2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිතය.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කිරීමට සුදානම් වේ.
ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පත් කළ සිව්පුද්ගල කමිටුව විසුරුවා හැරෙනු ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ සිව්පුද්ගල කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු නම් කර තිබුණි.








