FAST NEWS

24×7 Around the Globe

‘ඇවටර්’ තිරගත වන දිනය දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ‘ඇවටර්’ චිත්‍රපට තිරගත වෙන දින නිල වශයෙන් මාධ්‍ය වෙත පසුගියදා දැනුම් දෙනු ලැබීය.

මෙහි දෙවැන්න 2021 වසරේ දෙසැම්බර් 17 වැනිදා ප්‍රදර්ශනය වන අතර, එහි තුන්වැනි කොටස රැගත් චිත්‍රපටය 2022 වසරේ දෙසැම්බර් 23 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

‘ඇවටර්’චිත්‍රපටය මේ වසරේ ‘ඇවෙන්ජර්ස් ඉන් ද ගේම් චිත්‍රපටය විසින් තබා තැබු ලොව වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයේ වාර්තාව ඉතා පහසුවෙන් බිඳ දමනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.