FAST NEWS

24×7 Around the Globe

තේ අස්වැන්න ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක් ක්‍රියාවට නැංවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය  සැළසුම් කර ඇත.

දැනට අක්කරයකින් නෙළා ගන්නා තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 350 ත් 400 දක්වා සීමා වී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

තාක්ෂණික පැකේජයක් ක්‍රියාවට නැංවීම තුළින් අක්කරයකින් තේ දළු කිලෝ 1000ක් නෙළා ගැනීමට හැකියාව ලැබෙන බව ද වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පැවසීය.