(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රිකට් ක්රීඩක තිසර පෙරේරා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ගජබා පාබල රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස එක්ව තිබේ.
එක්දින තරඟ 161 කට ක්රීඩා කර ඇති ඔහු විස්සයි විස්ස තරඟ 79 ක් සහ ටෙස්ට් තරඟ 6 කට ක්රීඩා කර ඇත.
මීට අමතරව එක්දින මෙන්ම විස්සයි විස්ස තරඟාවලි සඳහාද ඔහු නායකත්වය ලබාදී තිබේ.








