(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම සිනමා පටය මේ වන විට ඉතාමත් සාර්ථකව ප්රදර්ශනය වන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.
ප්රවීණ අධ්යක්ෂ ප්රභුදේවා විසින් අධ්යක්ෂණය කරන ලද‘ඩබාන්ග්’තෙවැන්න සල්මාන් රංගනයෙන් දායකත්වය ලබාදෙන නවතම චිත්රපටය වන අතර , මෙය ඉන්දීය රුපියල් කෝටි 100 ක සීමාව පහසුවෙන් පසුකරන චිත්රපටයක් වනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.
දෙසැම්බර් 20 වැනිදා තිරගත වූ මෙම චිත්රපටය මංගල දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 24.5 ක මුදලක් උපයාගන්නට සමත් විය.









