FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ (20) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය කිසිවෙක් නොදැවි ලකුණු 57ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 271ක් රැස් කරගත්තේය.

පාකිස්තානය මුල් ඉනිමේ රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 191ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේ පාකිස්ථානයට වඩා ලකුණු 80 ක් ඉදිරියෙන් පසුවෙයි.