(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ඒ ලකුණූ 296 ක් ලබා ගනිමින්.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 416ක් ලබාගත්තේය.
සිය ජයග්‍රහණය සඳහා ලකුණු 467ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 171ක් පමණයි.
ඒ අනුව තරඟ 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1ට 0ක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ සිටියි.








