FAST NEWS

24×7 Around the Globe

රාණිගේ ‘මර්දානි’දෙවැන්න නොබෝ දිනකින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිතය.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි.

2018 වසරේ තිරගත වූ ‘හිචිකි’චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සුපිරි නළු සල්මාන් ඛාන් රඟන ‘ඩබාන්ග්’තුන්වැන්න හා අක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපට දෙක ප්‍රදර්ශනය වන අතරතුරදී ඇය රංගනයෙන් දායක වන මෙම ‘මර්දානි’දෙවැන්න තිරගත වීම පාඩුවක් බව සිනමා විචාරකයින්ගේ මතය වී ඇත.