FAST NEWS

24×7 Around the Globe

IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොල්කටා හිදී පැවැත්වීමට නියමිත 2020 අයි.පී.එල්. තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වන දා පැවැත්වෙන අතර, එහිදී ඉන්දීය රුපියල් කෝටි දෙකක වැඩි ඉහළම ලංසුවක් සහිත ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත් කර තිබේ.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, ක්‍රිස් ලින්, මිචෙල් මාෂ් සහ ඩෙල් ස්ටේන් එම ඉහළම අවම මුදලට නම් කළ අනෙකුත් ක්‍රීඩකයන් වේ.

ක්‍රීඩකයන් තුන්සිය තිස් දෙදෙනෙකු මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදි ලැයිස්තුගත කර ඇති අතර, ඉන් 143 දෙනෙකු විදේශීය ක්‍රීඩකයන්ය.

ඒ අතරින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 14 දෙනෙකු ද සිටියි.

ඒ අතර මුම්බායි ඉන්දියන්ස් පිළ 2020 වසර සඳහා ද ලසිත් මාලිංග රඳවා ගැනීමට මුලින්ම තීරණය කර තිබේ.