FAST NEWS

24×7 Around the Globe

අර්වින්ද් ස්වාමි ජයලලිතාගේ ස්වාමියා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රූපගත කිරීම් ආරම්භ කර ඇති ‘තලයිවි’චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි ද එක්ව ඇතැයි වාර්තා වේ.  

දකුණු ඉන්දීය මහා ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවත කතාව අලලා නිර්මාණය වන මෙම ‘තලයිවි’චිත්‍රපටයේ ජයලලිතා ලෙස බොලිවුඩ් නිළි කංගනා රනවුත් එක්ව සිටී.

ඇයගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ‘MGR’චරිතය නිරූපණය කරන්නට මෙසේ අර්වින්ද්ට අවස්ථාව ලැබී තිබේ. චිත්‍රපටය ලබන වසරේ අවසන් භාගයේදී දකුණු ඉන්දියාවේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.