FAST NEWS

24×7 Around the Globe

කාන්තා මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නිලානි රත්නායක අද සමත් විය. 

මිනිත්තු 16.55.18 කදී තරගය නිමා කරමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තාය.

මේ අතර නව දකුණු ආසියානු තරඟ වාර්තාවක්ද බිහි කරමින් පිරිමි මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණි.