FAST NEWS

24×7 Around the Globe

දින ගණනක් මිහිදන්ව සිටි අලුත උපන් බිළිඳියක් බේරා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දින 3 – 4 ත් අතර කාලයක් මිහිදන් කර සිටි අලුත උපන් බිළිඳියක් නැවත සුව අතට පත්වීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

සති 30 ක් වැනි කාලයකින් ඇය පසුගිය ඔක්තෝබර් මාසයේදී උපත ලබා ඇති බවට වාර්තා වේ.

බිළිඳිය උපත ලබා ඇත්තේ කිලෝ 1 යි ග්‍රෑම් 100 ක් වැනි අඩු බරකිනි.

මෙම බිළිඳිය බහා තිබූ මැටි කළය කිසියම් කටයුත්තක් සඳහා බිම් සකස් කරමින් සිටි අයෙකුට හමුවී තිබේ.

අනතුරුව එම තැනැත්තා මෙම බිළිඳිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ අතර මාස 2 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු මේ වනවිට මුලුමනින්ම සුවය ලබා තිබෙන බවට වාර්තා වේ.

බිළිඳියගේ පියා විසින් දැරිය මැටි කළයක බහා වළලා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.