FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් – කාජල් යළිත් පෙම්වතුන් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය පෙම්වතුන් යුවළක් වන ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේදීම රූගත කිරීමට නියමිතව තිබේ. 

සැබෑ ජීවිතයේ පෙම්වතුන් නොවුණත් මෙම දෙපළ සිනමා පෙම්වතුන් ලෙස වසර කිහිපයක් අඛණ්ඩව සම්මානයට පාත්‍ර විය.

ෂාරුක් – කාජල් අවසන් වරට සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටියේ 2015 වසරේ තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ ‘දිල්වාලි’ චිත්‍රපටයේයි.

ඔවුන් දෙදෙනා යොදා නිර්මාණය කරන්නට සූදානම් වන අලුත්ම චිත්‍රපටයේ තොරතුරු කිසිවක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර නොමැත.