FAST NEWS

24×7 Around the Globe

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාලයේ – කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද (02) සමත් විය.

ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් වයස අවුරුදු 17 ත්, 23 ත් අතර කාණ්ඩයෙන් තරඟවදිමින් ඔහු මෙම ජයග්‍රහණය දිනා ගත්තේය.

හංසිකා හේෂානි හෙට්ටිආරච්චි විසින් කරාතේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.