(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානය ක්රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මස 11 දා වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්රී ලංකා ක්රිකට් සංවිතය නම් කර තිබේ.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හට හිමිව ඇත.
එසේම මෙවර ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් සහම ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබීම විශේෂත්වයකි.
මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්රිඩකයින් වන්නේ ඕෂධ ප්රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් අඹූල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්වේ.
තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්රි ලංකා කණ්ඩායම ලබන මස 08 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.








