FAST NEWS

24×7 Around the Globe

නව ‘ස්ටාර් වෝස්’දෙසැම්බරයේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ දෙසැම්බර් 20 වැනිදා අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතය.

ලොව වැඩිම ආදායමක් උපයාගත් මුල් චිත්‍රපට දහය අතර සිටින චිත්‍රපටයක්ද ඇති ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ස්ටාර් වෝස් – ද රිස් ඔෆ් ස්කයිවෝල්කර්’ චිත්‍රපටයයි.

‘වෝල්ට් ඩිස්නි’ සමාගමේ බෙදාහැරිමක් වන මෙම චිත්‍රපටය ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ නමවැනි චිත්‍රපටය මෙය වේ. මෙම චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපට තුනක් ඉදිරි වසර ත්‍රිත්වයේදී ප්‍රදර්ශනය වීමට නියමිත බවද තිර රචක ජෝර්ජ් ලුකාස් පවසා ඇත.