FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයට කඩුලු 7 ක ජයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාව පරාජයට පත් කරමින් බංග්ලාදේශය ඓතිහාසික ජයක් වාර්තා කිරීමට සමත්විය.

ඊයේ (03) තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දු වාර විස්ස තුළ ලබාගත්තේ ලකුණු 148 ක් පමණයි.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දු වාර 19 යි පන්දු තුනක් තුළ ලකුණු 154 ක් ලබා කඩුලු 7 ක ජයක් වාර්තා කළේය.