(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට ඊයේ (02) දකුණු අප්‍රිකාව සමත් විය.
ජපානයේ යොකොහමා හිදී පැවති අවසාන මහා තරගයේදි 32 ට 12 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකාව ජය හිමිකර ගත්හ.
තරගයේ පළමු අර්ධය ලකුනු 12- 06 ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය.
රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.
දකුණු අප්‍රිකාව මීට පෙර 1995 , 2007 යන වර්ෂ වලදීද රග්බි ලෝක ශූරතාවට දිනාගත්හ.








