(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ජපානයේ යොකොහමා හිදී පැවැත්වේ.
ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2 යි 30 ට තරගය ආරම්භ වීමට නියමිතය.
රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් විය.
එම තරගයේදී ඔවුන් අතින් පරාජයට පත් වුයේ වේල්ස් කණ්ඩායමය.








