FAST NEWS

24×7 Around the Globe

මැක්ස්වෙල් තාවකාලිකව ක්‍රිකට් පිටියට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.  

මැක්ස්වෙල්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පෙළෙන ගැටලුකාරී තත්ත්වයක් හේතු කොට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) පැවති අවසන් තරඟයෙන් පසුව ඔහු මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගෙන තිබෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ මානසික වෛද්‍යවරයා සඳහන් කරන්නේ මෙම මානසික පීඩනයට හේතුව සොයා එයට පිළියම් කරනතෙක් මැක්ස්වෙල් හට තාවකාලික සමුගැනීමක් අවශ්‍ය වන බවයි.

ඒ අනුව හෙට (01) ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් විස්සයි විස්ස තරගය සදහා ඔහු සහභාගී වන්නේ නැත.

මැක්ස්වෙල් වෙනුවට ඩාර්සි ශෝර්ට් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය අණාවරණය කරන්නේ.

අවසන් 20 – 20 තරගය මෙන්ම පකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත වන 20 – 20 තරගාවලියද ඒ අනුව ඔහුට අහිමි වනු ඇත.