FAST NEWS

24×7 Around the Globe

මීළඟ පකිස්තාන ටෙස්ට් තරඟාවලියේ කාලසටහන නිකුත් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා සහ පකිස්තාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 11 – 15 රාවල්පින්ඩි හිදී ද දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 19 – 23 කරච්චි හිදී ද පැවැත්වීමට නියමිතව ඇත.

කණ්ඩායම් දෙක අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට තරඟ 2ක් ඇතුළත් වන අතර එම තරඟ අන්තර ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත් වේ.

තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ තරඟ රාවල්පින්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට තීරණය කර තිබේ.