FAST NEWS

24×7 Around the Globe

මින්නේරියේ බස් රථ අනතුරකින් අයෙකු මරුට.හතලිස් දෙකක් රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව ඇත.

ලංගම බස් රථයේ රියදුරු  තවත් බස් රථයකට අපරීක්ශාකරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

සිදුවූ අනතුරෙන් බස් රථ දෙකේම රියදුරන් හා මගීන් 42 දෙනෙකු පොලොන්නරුව  මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු ලංගම බස් රථයේ රියදුරු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.